මාරුක් මල් පුසුඹයි

Maaruk Mal Pusumbayi
මාරුක් මල් පුසුඹයි
ඇල දිය මංකඩ
හීන් මැණිකේ දියට වඩින කොට
මුතුරාජ විලේ සෙලවේ චාමර
අයියන්ඩිගේ බක්කි කරත්තෙට
තුන් මහතුන් කරල් මාල කරවට බැඳ ගෙන
පාලු වෙලේ අම්බලමට හඳ පායන කොට
හීන් මැණිකේ හිතට දුකයි මට
පොකුණු හතේ දිය කෙළිනා සේරුන් විලසට
රූප බිලිඳු කුමාරිකා ඇති සිදාදි වල
අයියන්ඩිට මොන හිඟ පාඩුද
මුළු සක්වල එලිය උනත් කලුවරනම් මට
රන් කරලක් නැතිව මොටද දළු ලන පැල්පත
හීන් මැණිකේ මගෙ හිත ගිය තැන
රන් කඳ මැද රන් හවඩිය බබලන අන්දම
පින් කල කන්දෙකට ඇහෙන ලෙන්ගතු සීපද
මොන හිතකින් අහක බලන්නද
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අජිත් බණ්ඩාර
All songs by අජිත් බණ්ඩාර