සුවඳැති කුසුමක
Suwadathi Kusumaka
සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති
උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ සිටිමි
මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදි
මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලි
දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුළු මෙනි
මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනි
පන නළ ඇති තුරු තනි රැක සහනය සතුට දෙමි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නීලා වික්‍රමසිංහ