පහළොස්වක සඳ
Pahaloswaka Sanda
පහලොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා
පූරුවේ කල පිං අපට කොයින්දා
සැතපෙන නින්දෙදි රෑ
තුන්යම හීන හතක් පෙනුනා
සඳ කිඳුරෙකු ලෙසිනා
එම සඳ ඔබේ රුව නෙත ඇඳුනා
සියුමැලි වත දකිනා
මා නෙත ආල මතින් බැඳුනා
මියුරු තෙපුල් නගනා
සවනත බිඟු ගී රැල් නැගුනා
කියා ගන්න බැරුවා
සිතු දේ තොල් අතරේ රැඳුනා
මනාපදෝ මන්දා
මා සිත ආදර මල් පිපුණා
තුන්ඉරි ගෙලට ළඳේ
රිදියෙන් මලා පොටක් දෙන්නා
එරබදු මල් මාසේ
නැකතට කැන්දාගෙන යන්නා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව