සුහදිනියේ සඟවන්
Suhadiniye Sangawan
සුහදිනියේ සගවන් ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
සද වනියේ නුඹ නම් සැනකෙළියයි මගෙ නම්
කවියන් ගේ දෑසේ රස සීමා පණිනා
සිහිනෙක් රෑ අවුදින් සුවදක් සේ ළග හුන්
සංවරියේ රන් තිත කෝ මා පානනා
වාත්තු කර ඇති දේහ තලාවට
හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන්
කාන්ති ඉහිරෙන නයන ඉනාවට
සාන්තුවර සිත හීදැල්ලෙන්
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ අරුමැසියයි මෙලොවේ
වීණා බද වට කැරකෙන වරලස
අණ දෙන හෘද ස්ඵන්දනයෙන්
සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ
මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළගන මගේ හිත අවතැන් කළ එකම ළදයි මෙලොවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්