ස්නේහයේ නගරයයි

Snehaye Nagarayayi
ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ
යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා
සිත් සඳුන් දුම් දමා
රන් සිනා පාමි පූජාසනේ
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින්
දොවන සේ යදින්නෙ මං
පූජනීයයි උතුම් ආදරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්
All songs by අමරසිරි පීරිස්