කලා වැවෙන් ගත්
Kala Wawen Gath
කලා වැවෙන් ගත්
දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට
බෝ කොලයක් සේ
අගී අගී ඔබ මටමැ අගී
කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමි
සමනළ සිරසින් විහිදුනු බුදු රැස්
සියැසින් දැක ගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සගමොක් සැපතෙහි අම රස වළඳමි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි