දුරස් වන්නට මේ ලෙසින්
Duras Wannata
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ
අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය මතකද
අනාගතේ ගැන අහස් මාළිඟා
අප දෙන්නා මැවූ කාලය මතකද
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාරත්න රණතුංග