සරා සඳට අප අමතක
Sara Sandata
සරා සඳට අප අමතක වුනාවේ
වලාකුළු යහන් ගැබ සැඟවුනාවේ
තරු මලානික රැයේ නෙතු පියාගත් පැයේ
අපි සිනාසී රැඳී ඉමු හුදකලාවේ
දොඩමළු නෙත් නිවී ගියා නිසංසලේ
බැඳි රැකවල් ලිහී ගියා අපේ ලොවේ
තනිවෙමු පෙම් වසන්ත මල් ලොවේ
සීත සඳ රැයේ
තුරුලිය නෑ කතාවුනේ නිසොල්මනේ
තරු මුතුලැල් ලෙසින් දිලේ නුවන් ඔබේ
හිරු යළි පායලා බිඳින්නෙපා
පෙම් රැහැන් හදේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දයාරත්න රණතුංග