කවුරුවත් නෑ
Kawuruwath Naa
කවුරුවත් නෑ
කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ ඔහෙ තිබුණා වේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට
දවසින් දවසට පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්
කවුරුවත් නෑ
දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා
මෙතුවක් නොමගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගෙයි
කවුරුවත් නෑ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්