සඳක් නම්
Sandak Nam
සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුනා
කටු අගට ලස්සන නොදී
පරෙවි තුඩකින් විලඳ දුන්නට
ගිරවියක වළදන්නේ නෑ
කඳුළු බිඳුවක රැඳෙන ගින්දර
හිනාවක් හඳුනන්නේ නෑ
පොළව උසුලන සියලු දුක සැප
අහස් තලයෙනි හිමිවුණේ
පොළෝතලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රෝහන් ශාන්ත බුලේගොඩ