මලට මුව තියා

Malata Muwa Thiyaa
මලට මුව තියා මල් මත බඹරුනුත් ගියා
විලට මුව පොවා දිය බිව් සාවුනුත් ගියා
සුමුදු බස් කියා තොල් මත හාදුවක් තියා
දුරක නුඹ ගියා මේ හැටි මටම දුක තියා
අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටි
පොලව මා වගෙයි ලතැවුල් දරාගෙන ඇති
නියං සැර වැදී හද මිහිමඬල ගිනි වදී
වැස්ස වී වඩින් මා වෙත තවත් දුක නොදී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රෝහන් ශාන්ත බුලේගොඩ
All songs by රෝහන් ශාන්ත බුලේගොඩ