නිහඬ අරණ දළු මල්
Nihanda Arana Dalu Mal
නිහඬ අරණ දළු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඬන ඇසට හසරැල් පලඳයි
ආදරයේ නිම්නැති අභිමන්
සයුරෙහි දිය කන්ද මත හිඳ
අහසින් එන වැහි බිඳුවට
පෙරුම් පුරන්නම්
දැල්වෙන ඉර හඳ යට හිඳ
පහනෙන් එන එලි තිතකට
ඇලුම් කරන්නම්
ඔබ තරුවක් සේ ජීවිතයට පායා ඒ නම්
නිල් කඳු හිස ජයගත් දින
දෙව් ලොව දුර ඈතක බව
වටහා ගන්නම්
විල් දිය ඇහැරෙන කොඳ මල
රතු ඇස් ඇති හිරු මඬලෙන්
සඟවා ගන්නම්
ඔබ කවියක් සේ ජීවිතයට පහදා දේ නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රෝහන් ශාන්ත බුලේගොඩ