දහ අතේ දුවන මල්

Daha Athe Duwana Mal
දහ අතේ දුවන මල් සුවඳට වැට බඳින්නෝ
ගහ වටේ නටන මද සුළඟට බැන වදින්නෝ
ගඟ ගලා බසින දා දෝතින් රදා දන්නදෝ
කොයි අතේ ගිහින් මම මේ සිත හදාගන්නදෝ
නුඹ මට ගඟක් වුනා
නුඹේ සිත පිං තොටක් ලෙසින් රකින්නට වුනා
මගේ නෙතු වහන් වුනා
දිය පවස තියෙන හැමටම නුඹ පැන් තොටක් වුනා
නුඹ මට මලක් වුනා
නුඹේ සිත රන් මලක් ලෙසින් රකින්නට වුනා
මල් සුවඳට පෙමිනා
ආ බඹර උකුළු මුකුලින් උඹේ හිත වෙනස් වුනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රෝහන් ශාන්ත බුලේගොඩ
All songs by රෝහන් ශාන්ත බුලේගොඩ