ලෙංගතු පෙම

Lengathu Pema
ලෙන්ගතු පෙම
මැසිවිලි නැගුවා ඇති
අපමණ සිතුවිලි දයාබරයි
ඉටු නොවනා බව දැන සිටිනාමුත්
ඔබම පතා සිත පෙරුම් පුරයි
ඇස හැර බැලුවද නිදි ලොව සැරුවද
මා නෙත විමසන එකම රුවයි
ළය මත පිබිදුනු උණුසුම රඳවන
සිහිලස පිරි ඔබ නවාතැනයි
ලොව ගැරහුම් සැඩ පහරක් වූවද
අසම්මතේ පෙම මල් පුබුදයි
වෙන්වීමක් ගැන සිත අහලක නැති
මගෙ සිත ඔබ හා ගමන් කරයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by රෝහන් ශාන්ත බුලේගොඩ
All songs by රෝහන් ශාන්ත බුලේගොඩ