සඳ ඕනා

Sanda Ona
සද ඕනා නුරා තොල් පෙති ඇති සීතල සද ඕනා
හිත ඕනා පුරා මල් පෙති ඇති රෝහිත මට ඕනා
අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සද ඕනා
ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ
මාශා සොයා තාමත් නොයා
බලා හිදී මේ දෙනෙත් විදාලා
දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ
තාමත් කාගෙද නෑ
ඒ මුහුනේ ගෑ වත්සුනු නෑ තවරා නැ
කිදුරන් වාගෙම නෑ‍
නවතාලා සිත විමසාලා තරු ඉගි පානා
ඈ මට ඕනා
ඈ නවතාලා තරුඉගි පාලා හිත විමසාලා
රෑ වීලා රෑ ඕනැ නෑ තාමත් ඈ දුර නැ
ආකාසේ රෑ තහනම් නැ අහුරන් නෑ
තාමත් ඈ ලග නෑ
කොදුරාලා රහසින් කීවා
තව ලං වීලා සිප ගන්ඕනා
ඈ කොදුරාලා රහසින් කීවා
තව ලං වීලා
මාශා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නැ
සැලුනේ නැ වෙනදා මෙන් ඔය නෙතගන සැලුනේ නෑ
අහසේ නෑ සිතිජ ඉමේ නැ
නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ
රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ
මාශා සොයා සියොතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර
All songs by කසුන් කල්හාර