ආඩම්බර සඳ
Adambara Sanda
ආඩම්බර සඳ සිරියහනට වැද
ඇයි අද මේ තරමට දඟ
කියන්න කියන්න කියන්න
කියන්න පුන්සඳ
කෞමතී මලක් යහනට එවන්නේ කවදද
දොර සිදුරෙන් ආල කැළුම්
සිරි යහනේ අතුරලා
රෑ කුමාරි මල් සුවඳක්
සුළඟෙ එවයි දවටලා
ඕ හොඕ
හැමදාමත් සිහින වැලක්
ඉහ ඉද්දර බොඳ කලා
නීල වලා කෙඳි අමුණා
යහන වටේ සරසලා
සිකුරු තරුව කැන්දාගෙන
යහනේ සරදම් කලා
පිණි කඳුලක් තබා හොරෙන්
උදේම පිටමං වෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර