සකුරා මල් පිපිලා
Sakura Mal Pipila
සකුරා මල් පිපිලා හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන පියසේ
නිදිමත නැති වී හිරු පායා ඇත
උමතු වෙසින් මහ රෑ යාමේ
මින් රැළ වෙරළේ සක්මන් කළ සඳ
පා සටහන් ඇත වැලි තලයේ
නාග පිඹුරු රුදු සිංහ වලස් කැල
ඉඟිළෙති නගිමින් උඩු ගුවනේ
යන එන සෙල්ලම් රිය පෙළ අතරේ
පාසැල් යන විට බෝනික්කෝ
අකුරු උගන්වති කූඹි සිසුන් හට
වයසක ගුරුවර සූටික්කෝ
සුදම් සභාවේ අරගලයක් වී
අහසින් කොටසක් කඩා වැටේ
වියපත් සඳ වත ගේ දොර නැති වී
හැරමිටි සරණින් බලා සිටී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි