සක්මන් සඳ
Sakman Sanda
සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි
ගොම්මන් හිත පහන් එලිය පිලිබඳ සිතමැයි
ලං වෙන්නට විදිහක් නෑ හිතින් විතරමයි
සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි
නින්ද යාය පුරා දුවන කන්දේ හෙවනැලි
දුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලි
නාන තොටේ නුඹ හිනැහී දෑස මුණගැසී
යන්ට බයයි ඒ දන්ඩෙන් හිතත් කලබලයි
බින්දු පොදට පිල්කඩේට මං දිව එන්නම්
පිල්කඩේ ටිකක් ඉඳලා ඇතුලට එන්නම්
සද්ද නොකර හිටියෝතින් ඉද්ද ගැසුව මෙන්
දෙතොලේ සුසුමක් තියලා ආපහු යන්නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්