රුවන් වළා
Ruwan Wala
රුවන් වළා දුහුල් කඩින් පෙරී සඳේ රිදී කැළුම්
තුෂාර හාර හා එතී ගලා හැළෙනවා
පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා
අනෝතප්ත නෙළුම් විලේ
පාවෙන මල් රේණු වලින්
සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා
සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා
අතුඅග මල් කුමාරියන්
බිඟු මිණි දැල් සැලෙන හඬින්
නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා
සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා
රාජ ඉසුරු බරට වටින
වාසනාව කිරුළු දරන
මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා
සීත නළින සිහින ලොවට බිළිඳු වඩිනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි