රණ දෙරණේ

Rana Derane
රණ දෙරණේ ගිණි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජනපිරිසය
යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹ ද අයත් පංතිය බව සිතට ගන්න
ඉලක්කයට ලක්වන විට රුදු මරණයෙ ඉරණම් කරු
බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු
වැටුපට මිනි මරන දනන් නොව නුඹලා මිනිසුනි ගරු
අයුක්තියේ අණ පිළිපැද කුමටද නුඹ පලදින තරු
මානන ගිණි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපුකුහරය
අදම කැලතකට අදවින නහර පිනන රස අහරය
උන්ගෙ බහට නිදොස් දනන් මරතොත් යුධ සෙබල සඟය
පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි
All songs by නන්දා මාලිනි