රජ මැදුරක

Raja Maduraka
රජ මැදුරක ඉපදී සිටියානම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ
පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි
දිව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලාගෙන මග දිග යන විට නැහැ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ
ඉඳහිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුනු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මාලිනි බුලත්සිංහල
All songs by මාලිනි බුලත්සිංහල