අහසින් තරුවක්
Ahasin Tharuwak
අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැලපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් හැලෙනවා
මලේ කතා නෑ සුළඟයි වැලපෙන්නේ
පෑහීමක් නෑ නොකෙරෙන දීගේ
සෙවනැල්ලත් ඇදලූ
දවල් වැටුනු වල මෙදා වැටුනි රෑ
හිත හොඳ වැඩිකමලූ
මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අඳින්නම්
ඔබේ මඟුල් දවසේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මාලිනි බුලත්සිංහල