සඳ දිය දෙවුන සේ
Sanda Diya Dewuna Se
සඳ දිය දෙවුන සේ සිනහව දුටුවාම
නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව
දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම
නෑබුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව
ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම
දියවී ගිහින් බැදුනේ තරු ඇස ගාව
ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ
සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව
කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නළ සේම
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්