දකින විට පංසලක්
Dakina Wita Pansalak
දකින විට පංසලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්බරව බලනවා
ගැබිණි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට
කවුළුවෙන් අනන්තය සොයනවා
අතෙහි රැඳි පොත පතෙහි එකම පේලිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා
වාරු නැති මහළු වත නෙතෙහි ගැටෙතැයි බියෙන්
දෙනෙත් යුග නිදිකිරා වැටෙනවා
ලොවේ නැති දහසකුත් ගැටළු සිහියට නගා
අහස බිම ගැටලන්න හදනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මාලිනි බුලත්සිංහල