අකීකරු හිමියනේ
Akeekaru Himiyane
අකීකරු හිමියනේ
මවක් සේ රකිමි ඔබ
අකීකරු හිමියනේ
මධු මතින් ගත රැදුණු
නෙතු යුගල මට දෙන්න
සෙනෙහසේ සිහිල් නිල්
දියෙන් පුරවාලන්න
අකීකරු හිමියනේ
බඹර හිස සතපන්න
හද යහන සදන්නට
ප්‍රේමයේ නාමයෙන්
මදක් අවසර දෙන්න
අකීකරු හිමියනේ
මධු විතින් නොනිමි දුක්
කුණාටුව මට දෙන්න
යලිදු හෙට උදෑසන
මලක් සේ පිබිදෙන්න
අකීකරු හිමියනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මාලිනි බුලත්සිංහල