රෑ පැල් රකින
Raa Pal Rakina
රෑ පැල් රකින
කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට
නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත්
දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගෙයි
ගම්මානේ
එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට
හැදුවේ ගෙපැල
මට තනියෙන් හිදින්නද
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද
රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද
නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහිකරයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය