පීදෙන ගොයමේ
Peedena Goyame
පීදෙන ගොයමේ නෑබූල් සුවදින්
ඔකද වෙලා
එගොඩ ගොඩේ ඔබ
කවි කියනා විට පැලට වෙලා
දුනුකේ ඉහිරුනු නිල් තණ පලසේ වාඩි වෙලා
මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා
ගමට ඇසෙන්නට කවි කීවත් ඔබ රසට ගොතා
කොහොම කියන්නද මගේ කවිය මම කෑ ගසලා
කවිය මගේ හඩ නොනැගේ
හිත පතුලෙ තව සැගවේ
වැටකොට බැද ඇති පැලට උඩෙන් මගෙ ඉගිල්ලිලා
මගෙ කවිය ගැන ඔහුට කියනවද වසන් වෙලා
මඩිස්සලේ හදිස්සියෙ
පැලේ දොරෙන් වරෙන් අනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි