ඔබයි රම්‍ය සඳ කිරණ
Obayi Ramya Sanda Kirana
ප්‍රේමයේ රුදුරු බව එයයි
මිදි යුෂ යැයි රැවටී හලාහල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුනේ ඇයි මා
ප්‍රේමයේ මධුර බව මෙයයි
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ
සදා නන්ද කරවූ
ඔබේ මධුර රාවෙන්
පිපී යාවී අරවින්දයක්
සේ තඩාගේ
ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබයි
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ
උදා වූ සුපෙම් පත්
මුසුන් වී රැදේවා
මගේ පුංචි ලෝකේ
තැවුල් දුක් නොවේවා
ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවෘත කලේය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතය ඔබය
ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි