ඔබ සිනාසුනා

Oba Sinasunaa
ඔබ සිනාසුනා වැව් තලයක් වාගේ
රැළිති නගන සුළඟේ
පෙම් කවියක් වාගේ
හැඬුවා හැඬුවා
බොල් අහසත් හැඬුවා
ඒ සතුටු කඳුළුදෝ මල් වැහිදෝ
කණාටු කතරට
මෙතුවක් පෙම් මල් නොපිපුණු සිතකට
සැඟවී සැඟවී
ගිම්හානේ සැඟවී
මේ නොකී කවියදෝ මිමිණෙන්නේ
අපේම ලොවකට
හසරැල් දළුලන දෙහිතක ඉවුරට
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්
All songs by අමරසිරි පීරිස්