නොතැවෙන් සූරිය කාන්තා

Nothawen Sooriya Kaantha
නොතැවෙන් සූරිය කාන්තා සූරිය කාන්තා
නොහඩන් සූරිය කාන්තා සූරිය කාන්තා
නොතැවෙන් සූරිය කාන්තා සූරිය කාන්තා
නොහඩන් සූරිය කාන්තා සූරිය කාන්තා
සූරිය නාමෙන් නම ලදිමි
සූරිය වත මෙන් රුව ලදිමි
සූරිය පැහැයෙන් සළු ලදිමි
සූරිය කුමරුණි ඔබ පතමි
පිණි මල් ගඟුලෙන් මුව දෝවන්නේ
මිහිමත රන් සළුපිළි පළදන්නේ
සූරිය මල කිම තවම තැවෙන්නේ
හිනැහෙන්නයි මා දවස ගෙනෙන්නේ
නෙලුම් විලේ නැත ඔබේ ලංදූ
සුවඳ කුලේ නැත ඔබේ ලංදූ
කොපමණ තැවුනත් මල් ලංදූ
මා නොවේදෝ ඔබ දෙනු ලංදූ
අහස පොලොව කෙදිනද හමුවන්නේ
මලකට හිමකම් කෙලෙස පුදන්නේ
ලොව මෙහෙවර මගෙ උරුමය වන්නේ
මා එන පෙරමග බලා බලා සිටින්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අබේවර්ධන බාලසූරිය
All songs by අබේවර්ධන බාලසූරිය