නවාතැන්පොළ ඔබයි
Nawaathanpola Obayi
නවාතැන්පොළ ඔබයි ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරඟ බිඳෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ
දයාවේ සඳ සිසිල ලබනා
සාමයේ මඳ පවන රඳනා
හිම මිදෙන මිටියාවතේ
සදා උණුසුම් නවාතැන ඔබ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි