මිරිඟුව නලියන

Miringuwa Naliyana
මිරිඟුව නලියන පාර දිගේ
ඔබ යනවා ඈතට යනවා
නොපෙනී යනතුරු පුංචි තිතක් වී
මා සිටියා ඔබ මැකී ගියා
අහිංසකයි ඔබ පරාජිතයි මා
එකම හදයි මේ දෙකඩ වුණේ
සමුගන්නේ ඔබ හමුවුනු හින්දයි
මියැදෙමු උපදින්නට ආයේ
අකුරු ලියා නැති හිස් පිටුවක් වී
හිතත් ඉතින් අසරණ වෙද්දෙන්
අතොරක් නැති පෙම් විරහ කරදරෙන්
මමත් ඔහේ අසරණ වෙද්දෙන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රකුමාර කඳනාරච්චි
All songs by චන්ද්‍රකුමාර කඳනාරච්චි