ගංඟා නදී තීරයේදී එදා

Gannga Nadee Theerayedee Edaa
ගංඟා නදී තීරයේදී එදා
ඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා
තවම මතකේ රැඳීලා තියේ
වෙන්වී ඔබෙන්
යළිඳු නාවත් සොයන්
මතක මතකේ රැඳීලා තියේ
දෙනෙතේ ඉනා ගඟුල පියලෝචනී
දෙතොලේ සිනා සිසිල මධුහාසිනී
ඔබ මා මැවූ සිහින දුර පාවිනි
හද ආදරේ ප්‍රාර්ථනා
ගංගා නදී ඉවුර අප කී කතා
වින්ඳා සෙනේ සුවඳ නා මල් සලා
නංවා ඔබේ නමට මේ ගායනා
මතු ආත්මයේ වාසනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රකුමාර කඳනාරච්චි
All songs by චන්ද්‍රකුමාර කඳනාරච්චි