මිහි මඬලේ අඳුරු කුසේ
Mihi Mandale Anduru Kuse
මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ
පර සම්පත අම්මා
සිය දහසක් නෙක ලෝදා
එළිය කරන අම්මා
සොලොස් කලා පිරි පුරහඳ
එළිය කරන අම්මා
සඳ නැති රෑ සක්වල තරු
එළිය කරන අම්මා
උදා ගිරෙන් ලොවට අදින
ලහිරු මඬල අම්මා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි