මත මල් සේනා
Math Mal Sena
මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේමා
ලා ඉරේ රන් ගැවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුනා
පිපි හාදු සුළගේ මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා
සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ
ලං වෙන්න මයි නෙත් පියා
උදාවේ මා සැදෑවේ මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ
ඔබ ගාව සිහිනේ හිත හීන නෙළුවේ
රෑ තුන් යමේ හිත් පුරා
නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම් උතුරලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර