මට මව් පදවිය
Mata Maw Padawiya
මට මව් පදවිය ලැබුණු දිනේදී
නුඹේ අගේ මට දැනුනේ
අම්මේ නුඹේ අගේ මට දැනුනේ
ඇතෙක් බරට දායාද නොසෙව්වද
සිප් සයුරේ පර තෙරට නොයැව්වද
මවුකම ලද දා දැරූ දුකම ඇති
නුඹේ නමින් පා දූවිලි වන්නට
උඩට උඩුවියන් මවා නොදුන්නද
සිරුරට මුදු සුව යහන් නොදුන්නද
දස මස මා කුස දැරූ පිනම ඇති
නුඹට බුදුන් දැක නිවන් දකින්නට
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි