මම දෙවිඳුනි දෙවොලට ආවේ

Mama Dewinduni Dewolata Awe
මම දෙවිඳුනි දෙවොලට ආවේ
බැති පූජා දෝතින් ගෙන දොවලා
ආවේ කතර ගෙවා
කිමද සාමිනේ නිහඬව ඉන්නේ
නොඅසා මගේ විලාපේ
සඳුන් කපුරු පෙති මල් දම් ගොතලා
හිසින් දරාගෙන ආවේ
වට තිර අළුවී පුදසුන් ගිලිහී
දෙවියන් නෑ දේවාලේ
දෙදෙනා ආමග අත්වැල් පටලා
තනිවී මා වැලපෙන්නේ
ඔබේ අනුහස සරණ නොමැති දා
කාටද මා අයදින්නේ
සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද
හිරුගෙන් සිසිල පතන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුජාතා අත්තනායක
All songs by සුජාතා අත්තනායක