ආදර පූජාසනේ
Adara Pujasane
ආදර පූජාසනේ
ඔබයි මගේ කුසුම් කුමාරී
ආදර පූජාසනේ
මමයි ඔබේ කුසුම් මනාලී
ආසිරි පවන් රොදින් ඇසේ
දේව දූතයන්ගෙ මිහිරි ප්‍රේම ගීතිකා
සාදර පැතුම් පවන් වැදී
දේව දූතයන් ගයාවි ප්‍රේම ගීතිකා
යෞවන මල් සමයේ මේ නිසසල යාමේ
සීතල රෑ සැතපෙම් මා මංගල මල් යහනේ
මංගල සීනු හඬින් චංචල වූ ලෝකේ
අනුරාග පෙම් රාව නින්නනාදයෙ
ඔබගේ නුරා සුසුමේ රන් මුතු ලැල් පවනේ
සිලිලාරේ වෙලෙමී මා පෙම්සිත් අනුරාගී
විකසිත නෙත් සඟලේ ප්‍රේම ශිඛා කැල්මේ
ආලෝකේ සැතපෙන්න ළංවෙන්නෙ මා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක