මලට රේණු සේ

Malata Renu Se
මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්
සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්
ආල කතන්දර හොර රහසේ කියාවි නම්
ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්
පාළුව මකනා කවියක් සේ ඇසේවි නම්
මා සවනේ රැව් දිදී රැඳී ඉඳීවි නම්
ඔබ කිසිදා මා හිත නොතලා රැදේවි නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි
All songs by නන්දා මාලිනි