මලකැයි කියා
Malakayi Kiyaa
නිල් අහස කඳු මුදුන සිප දිවගියා
දුර ඈත සඳ සිහිලෙ සිත වැතිරිලා
දෙව් සිහින මිහිතලය උර පාවෙනා
හද බන්දා තරු මාලා ගෙල දිලිසුනා
ආදරය දුටු සිහින සුව ගොඩනගා
මං හින්දා නුඹ අහසෙ රුව දල්වලා
හද පතුළ ආදරය උඩ පා කරා
මලකැයි කියා
සිතුවේම නෑ ඔසු මලකැයි කියා
ඈත ඉම නොදුටූ මල් පොකුරූ නෙලා
සවන් පා මත් බඹරුන්ගෙ කෙඳුරුම් නාදේ
ආදරය දුටු සිහින සුව, ගොඩනගා
මං හින්දා නුඹ අහසෙ රුව දල්වලා
හද පතුළ ආදරය උඩ පා කරා
දුර ඈත සඳ සිසිලෙ සිත වැතිරිලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කසුන් කල්හාර