මලක් වගේ බලන්නකෝ

Malak Wage Balannako
මලක් වගේ බලන්නකෝ මා දිහා
සඳක් වගේ දිලෙන්නකෝ රෑ පුරා
පෙමක් නිසා විඳින්නෙපා වේදනා
අලුත් වසන්තයක් ඇවිල්ලා කියා
මල මිලාන වේදෝ සිත හඬා වැටෙයිදෝ
ඇලේ දොලේ විලේ රිදී සිනා නැගෙයිදෝ
සරුංගලේ නිලම්බරේ ඇදී ගියාදෝ
ලියුම් ගෙනා කුරුල්ලනුත් ගමෙන් ගියාදෝ
පෙමින් උපන් කතන්දරේ නිමා වුනාදෝ
හද පතා හිදීදෝ ඔබ මගේම නේදෝ
සැඳෑ වලා පෙලින් පෙලේ මුවා වුනාදෝ
සුරංගනා කතා අසා මුලා වුනාදෝ
ගමින් එහා රටින් එහා පලා ගියාදෝ
නෙලුම් මලේ අනේ ඔයා කොහේ ගියාදෝ
මල නෙලා ගනීදෝ පරවෙලා ගියාදෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නාමල් උඩුගම
All songs by නාමල් උඩුගම