බැස යන සඳ දෑසින්

Basa Yana Sanda Daasin
බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ
පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ
ඔබ බැස යන සඳ නම්
ඔබ පරවෙන මල නම්
‍රැක ගනිමිද කෙලෙසින්
නන්නාදුනන දෙසින
ගිමනට සිසිල ‍රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි
ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්
මන්දාකිණිය ගලන
නිසසල ‍රැයට මැවෙන
තරු මල් අඹරේ හිනැහී
මැදියම් අඳුරේ සැඟවෙයි
ඔබ ඒ අහස වගේ නම්
හඳුනා ගන්නද කෙලෙසින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නාමල් උඩුගම
All songs by නාමල් උඩුගම