මලක් උනේ ඇයි

Malak Une Ayi
මලක් උනේ ඇයි නුබ මට ජීවිතයට සුවද සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් උනේ ඇයි නුබ මට ජීවිතයට සිසිල ඉසින
දීය දෝතක් බොන්නට තහනම්
පහන් තාරකාවක් සේ
ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්
කියන්න
සහන ගීතිකාවක් සේ
ජීවිතයේ ගීම් නිවුවද
එ ගීයේ සොදුරු වදන්
කොදුරනු කෙලෙසින්
කියන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරසිරි පීරිස්
All songs by අමරසිරි පීරිස්