මගෙ සිහිනය මට දකින්න
Mage Sihinaya Mata Dakinna
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න
සඳැස් විදා මොණරු නටති මේඝවළා පාවේ
බලා වැලෙන් ගෙලේ වැටෙයි මලිගිය මල් මාලේ
සහ ගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ
මල්ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ
ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වෙයි දෙනුවන් මිණිපානේ
ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිළැල් හඳපානේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි