මගේ සඳ ඔබ

Mage Sanda Oba
මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
එදා සඳ නොව මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ
එදා මට ඔබ සරා සඳ විය
කවි ඇසින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ එකළු කරමින්
උදා විය ගිරි ශිඛර සිරසේ
මෙදා මට ඔබ සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් ‍තොර වියළි සඳ සේ
ඔබ ද අද මා අසළ ගැවසේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි
All songs by නන්දා මාලිනි