මගේ දේශය

Mage Deshaya
මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
මට ලබාදුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්
නිවටයින්ගේ දෙපා අභියස
බියෙන් හැකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට
ගෙලින් සිඳ එය ඉවතලනු මිස
මිළ මුදල් ලැබ කුවේරයින්ගේ
සිතට එරෙහිව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකටද මට
ගොළුව බිහිරිව සතුටු වනු මිස
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි
All songs by නන්දා මාලිනි