කුරුඳුවත්තෙ බංගලාවෙ

Kurunduwaththe Bangalaawe
කුරුඳුවත්තෙ බංගලාවෙ
සඳළුතලේ හැන්ඳෑවේ
මෝසාට් ගෙ වාදනයක්
පියානෝවකින් වයනා
පුසුඹ ගහන ලමිස්සියේ
බමවා ඔය රතැඟිලි තුඩු
හීන්සරින් ඔබ වයන්නෙ
තාත්තගේ තේ වත්තේ
දල්ලට යට වූ දහඩිය
ආඩම්බර බංගලාව
දෝළාවල් බැංකු කාසි
දල්ලට යට වූ දහඩිය
රට රේන්ද යටගවුමේ
රට තනපට පටන් ඔබේ
වත්සුණු කුංකුම අංජන
ගාන්ධාරයේ විළවුන්
පුසුඹ ගහන ලමිස්සියේ
දල්ලට යට වූ දහඩිය
අන්වීක්ෂයෙන් බැලුවොත්
තාත්තගේ තේ වත්තේ
සිය ගනනක් සිරුරු තුළින්
දල්ලට යට වූ දහඩිය
පොකුරක පවතින ලස්සන
පැහැදිළි වනු ඇත ඔබගෙන්
පුසුඹ ගහන ලමිස්සියේ
දල්ලට යට වූ දහඩිය
තෝඩු දෙබික්කං දිදුළන
මේළ පළඳනා බඳවට
මුතු මැණික්ද රන් රිදී ද
පුසුඹ ගහන ලමිස්සියේ
දල්ලට යට වූ දහඩිය
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නන්දා මාලිනි
All songs by නන්දා මාලිනි