කඳුළු බිංදු
Kandulu Bindu
කදුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ
සතුටට මිස දුකට නොවෙයි එවා ඊට පස්සේ
එකතුවෙන්න අපි දෙන්නා ආසිරි මල් වැස්සේ
පෙරුම් පිරුව හැටි මතක ද කල්ප කලක් තිස්සේ
වේල්පටින් වැසුනු ඔබේ වත කමලේ සෝබා
තිසර පටින් වැසුනු සදට අසිරි කියා පෑවා
මගේ ලොවට එළිය දෙන්න සද හිරු පොරකෑවා
ඔබෙ නීල නෙතු කැල්මට ඒ පරාද වූවා
දෙසිත බැදී කටුද මගේ ගව් ගණනක් ආවා
දෑගිලි බැද පොරුව මත එමගපෙහෙලි වූවා
දෙහදට හද එක් වහලක් ලෙස සවනත ආවා
අප හදවත් නවතින තුරු අපි අපේම වේවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සනත් නන්දසිරි