සහසක් පැතුමන්
Sahasak Pathuman
සහසක් පැතුමන් නැත මා පැතුවේ
එකම පැතුම පමණකි හිත රැදුනේ
හද අඹරෙහි අඬ සඳ වැනි නෑනේ
මතකයි සිරි දළඳා වැන්දා
ඇස කඳුලැලි මෙන් හිස පිණි බින්දු
පිරිසිදු නාමල දෝතෙහි රැන්දූ
එකම පැතුම කඳුලට හරවා
මතකයි ඔබ පාමුල වැටුනා
අහිමි සැපත මිහිරී සිත පුරවා
තැවෙමු හඬමු මේ භවය පුරා
මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
අදට වඩා අනුකම්පාවෙන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සනත් නන්දසිරි