මුළු ලොව මගෙන් අසාවී

Mulu Lowa Magen Asaawee
මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ
මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක් කියයි දෝ
ඔබ මට දුකක් නොවී යැයි
කීවත් කුමක් කියයි දෝ
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක් කියයි දෝ
ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරදි කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ යලි මගේම වූවොත්
ලොව මට කුමක් කියයිදෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සනත් නන්දසිරි
All songs by සනත් නන්දසිරි